CIE එක SPID වෙනුවට භාවිතා කරන හැටි
බොහෝ ඉතාලි රාජ්‍ය සේවා වෙබ් අඩවි වලට ලොග් වෙන්න පුළුවන්:
✅ “Entra con CIE” (CIE මගින් ඇතුල්වන්න)
SPID වෙනුවට.
📌 ඔබට අවශ්‍ය දේවල්
1) CIE කාඩ් එක (Electronic ID Card)
2) CIE PIN එක (අංක 8ක්)
සාමාන්‍යයෙන් PIN එක කොටස් 2කින් එනවා (4 + 4)
3) NFC තියෙන Smartphone එකක්
Android / iPhone බොහෝමයක් වල NFC තියෙනවා
4) CieID App එක
📲 Play Store / App Store එකෙන් “CieID” කියලා download කරන්න.
📲 CIE එකෙන් ලොග් වීමේ ක්‍රමය
ඔබට යන්න ඕන වෙබ්සයිට් එකට යන්න (INPS, Agenzia Entrate, Comune, ecc.)
“Entra con CIE” කියන option එක තෝරන්න
App එක open වෙනවා (CieID)
ඔබේ PIN එක දාන්න
කාඩ් එක phone එකට අසල තබන්න (NFC වලින් read කරයි)
ඉතින් ඔබට ලොග් වෙන්න පුළුවන් ✅
🔹 CIE එකෙන් SPID හදාගන්න පුළුවන්ද?
ඔව්, සමහර SPID providerලා (PosteID, Aruba, InfoCert වගේ)
CIE එකෙන් identity verification කරලා SPID හදාගන්න දෙනවා.
එතකොට:
video call එකක් නැතුව
office යන්න නැතුව
NFC + PIN භාවිතා කරලා SPID ලේසියෙන් හදාගන්න පුළුවන්.
⚠️ NFC නැත්නම්?
NFC නැති phone එකක් නම්: 💻 PC එකට smart card reader එකක් දාලාත් CIE භාවිතා කරන්න පුළුවන්.
නමුත් phone එකෙන් කරන එක ලේසි.
No comments:
Post a Comment